නත්තල් සමය

Latest Comments

No comments to show.

සීතල උඳුවප් මාසය කියන්නෙ අවුරුද්දක අවසානයක් මෙන්ම සුවහසක් ලෝකවාසීන් ගේ ප්‍රීතිමත් වූ කාල සීමාවක ආරම්භයක්. ඒ මොකද කියනවනම් දෙසැම්බර් මාසය උදාවෙන්නෙම සීත මුසු හැඟීමට ආදරය, සතුට, එකමුතුකම මෙන්ම පරාර්ථකාමී හැඟීම් සමුදායක් ද කැටි කරගෙන වීමයි. උතුම් වූ ජේසු බිළිඳානන් මේ ලොවට බිහිවුණ ඒ අසිරිමත් දිනය උඳුවපේ විසි පස් වෙනිදාට ලෝවාසි කිතුනු භක්තිකයන් මෙන්ම නත්තලට ආදරේ සෑම දෙනෙක්ම සමරන්නෙ ඉතාමත් සතුටින් වීම නොරහසක්.

ඉතිහාසයේ කියැවී ඇති අන්දමට මරියා තුමියට දාව බෙත්ලෙහෙම් පුර ගවලෙනකදී පෙර කියන ලද අනාවැකි සඵල කරමින් ජේසු තුමන් මෙලොව බිහිවූයේ දේවදූතයන්ගේ පණිවිඩකරුවකු ලෙසින්ය. සාමය, සතුට, ආදරය මෙන්ම කාරුණික වූ මනුශ්‍ය ගුණාංග කැටිකොට බිහිව මේ ලෝ සත වෙත කිතු දහමේ ජීවය තිළිණ කරන්නට වූයේද ආදරෙයි සුබ පණිවිඩ ලොව පුරා ප්‍රචලිත කරමිනි.

නත්තල යනු හුදෙක්ම පරිත්‍යාගයයි. සැරසිලි වලටම පමණක්ම සීමා නොවූ ඇති හැටියෙන් මිනිස්සු නැති අත්වැල් පවුරු බඳින ශක්තිමත් යදමක් බිහි කරන්නට මේ කාලසීමාව අනභිබවනීය වෙයි.

නත්තල් කාලසීමාව තුල අපට දක්නට ලැබෙන කැරොල් ගායන, බෙත්ලෙහෙම් ගවලෙනෙහි අනුරූ මෙන්ම නත්තල් ගසටද හිමිවන්නෙ සුවිශේෂ ස්ථානයකි. ඒ සැමදේම උඳුවප් සීතලට එක් කරනුයේ මනාවූ ආකර්ශනයකි.

ඉතින් මේ නත්තල් සමයේ Rotaract UCSC අපිත් ආදරය මෙන්ම පරිත්‍යාගශීලීත්වයත් කැටිකොට ගත් විවිධ වැඩසටහන් දියත් කිරීමද සිහිපත් කළ යුතුමයි. පසුගිය දිනක දුෂ්කර පාසලක් සඳහා අවශ්‍ය පොත් පත් ආදීය බෙදා දීමක් අප සංගමය විසින් සිදු කළ අතර නත්තලේ සැබෑ අරුත මනාවට පිළිබිඹු කරමින් ඒ වෙත පරිත්‍යාගයන් සිදු කළ සැවොමත් ආදරයෙන් මතක් කළ යුතුමයි.

වසරක අවසානයත්, පරිත්‍යාගයේ ජීවනාලියත්,

ආදරයේ සුපෙම් හැඟීමත්,

අලංකෘත වූ බාහිර සමාජයත්,

සාමය ගැබ්වූ මනුශ්‍ය සිත් සතනුත්,

එක්ව කැටි කොට දිදුළන තාරකාවක එළියෙන්ම අරුත් ගැන්වූ,

ශ්‍රී සුබ නත්තලක් වේවා !

CATEGORIES

Uncategorized

No responses yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *